Monday, August 7, 2017

අවදානම් සහිත නිවාස පරීක්ෂා කිරීම

2017 මෑයි 25 දින පෑවති මිමි 600 ක් පමණ වන අධික වර්ෂාපතනය නිසා රම්මල සපුතන්තිරිකන්ද ප්‍රදේශයේ විශාල අවදානම් තත්වයක් ඈතිවිය. 2003 වසරේ නායගිය ස්ථාන මෙවරත් කොටස් වශයෙන් නාය යාමට ලක්වීම නිසා ජාතික ගොඩනෑගිලි පර්යෙෂණ සංවිධානය (NBRO ) මගින් පරීක්ෂා කරන ලදී. ඒ අනුව සපුතන්තිරිකන්ද නිවාස 14 ක් හා ගොඩනෑගිලි 02 ක් නායයාමේ අවදානමට ලක්ව ඈති බව නිර්දේශ කරන ලදී.. එහෙත් තවත් අවදානම් සහිත නිවාස පරීක්ෂා කිරීමට නියමිතව ඈත.


Monday, September 10, 2012

රම්මල වර්ෂාපතනය


රම්මල ප්රදේශයේ මාසික වර්ෂාපතනයන්

රම්මල ග්රාම නිලධාරි වසමේ දෛනික වැහි  වාර්තා ලබා ගැනීම හා පූර්ව  ආපදා අනතුරු ඇඟවීම රම්මල 2 පියවර පදිංචි රම්මල විදුහලේ සේවය කරන විද්යා අචාර්ය කේ.එච්. පේමසේන මහතා විසින් සිදුකරනු ලබයි. එතුමාගේ සේවය වෙනුවෙන් අප ප්රදේශයේ ජනතාවගේ ස්තුතිය පුදකර සිටිමු.

2008 වසර

Month
Rainfall mm
January

February

March

April

May

June

July

August

September

October
18.8
November
435
December
340

 2009 වසර
Month
Rainfall mm
January
96.8
February
5.2
March
483.7
April
100.9
May
363.3
June
278.4
July
61.2
August
153.7
September
228.6
October
236.2
November
338.8
December
378.8
Total
2725.6



2010 වසර
Month
Rainfall mm
January
16.4
February
71.4
March
47.3
April
234.1
May
414.5
June
229.4
July
141.8
August
161.8
September
130.6
October
338.7
November
563.2
December
596.2
Total
2945.4


2011 වසර
Month
Rainfall mm
January
407
February
335
March
227.1
April
400.5
May
100.7
June
56.2
July
111.2
August
305.4
September
280.5
October
168
November
1049
December
609
Total
4049.6

2012 වසර
Month
Rainfall mm
January
300
February
252
March
121
April
618
May
176
June
253
July
127
August
400
September

October

November

December


පරිසර විනාශය


ආපදා වැඩි වන්නේ පරිසර විනාශය නිසා ද?


ජගත් පරිසර දිනය අනිද්දායි. මෙවර තේමාව හරිත ආර්ථිකයයි. කෙසේ වුවත් මේ පරිසරය දිනය අභිමුව ශ්‍රී ලංකාව ආපදා සූදානමක තබන්නට සිදු වී තිබේ. ඉන් විශාලම තර්ජනය භූ කම්පනයි. ඊට අමතරව ගංවතුර නායයෑම් කණ්ඩි කඩා වැටීම් බහුලව ඇතිවීමට ඉඩ ඇතැයි විද්‍යාඥයෝ අනතුරු අඟවති. මේ පිළිබඳව මෙරට විවිධ ක්ෂේත්‍රවල විද්‍යාඥයන් දක්වන අදහස් මෙසේ පළ කරමු.

අන්තර් මෝසම් සමය අවසන් වී ඇත. අකුණු නිසා පසුගිය මාසයේ විසි දෙනෙක් පමණ මරණයට පත්වූහ. මේ දිනවල වැස්සක් ලැබෙන්නේ නිරිත දිග මෝසම් සමය ආරම්භ වීම් නිසායි. මුළු තෙත් කලාපයටම ඉදිරි මාස දෙක ඇතුළත අධික වැස්සක් ලැබීමට ඉඩකඩ ඇත.

මේ වැසි ලැබීමත් සමඟ මෙරට දිස්ත්‍රික්ක 12 ක පමණ නායයෑම් අනතුරු ඇතිවීමේ අවදානමක් පිළිබඳව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අංශ ප්‍රධාන ආර්. එම්. එස්. බණ්ඩාර මහතා අනතුරු අඟවයි.

නුවරඑළිය, බදුල්ල, මාතලේ, මහනුවර, රත්නපුර, කෑගල්ල, කළුතර, මාතර, ගාල්ල, හම්බන්තොට, ගම්පහ, කොළඹ යන දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම තිබේ. මාතර හම්බන්තොට කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල බහුලව සිදුවන්නේ කණ්ඩි කඩා වැටීමය. ජනතාව ගොඩනැඟිලි ඉදිකිරීමේදී කරන අවිධිමත් අයුරින් ගෙබිම් කැපීම පස් කැපීම මීට ප්‍රධාන හේතුවයි. ඒ අනුව පරිසරය විනාශ කරන අවිධිමත් ලෙස කටයුතු කරන අයටම ඒ විනාශය ආපසු බූමරංගයක් ලෙස තමාටම පැමිණෙන අවස්ථා අප බහුලව දැක ඇත. මීට විසඳුම විද්‍යාත්මක උපදෙස් මත කණ්ඩි කැපීම් සිදු කිරීම බව ද බණ්ඩාර මහතා කීය.

පස් කණ්ඩි කඩා වැටීම්


මේ අනුව මේ දිනවල අධික වැස්ස පවතින දිනවල වළවල් කැපීම, කණ්ඩි කැපීම, ළිං කැපීම ආදිය කරන විට ඉතා සැලකිලිමත් විය යුතු බව ද භූ විද්‍යාත්මක උපදෙස් හා ආරක්ෂක උපක්‍රම අනුගමනය කළ යුතු බව ද බණ්ඩාර මහතා පෙන්වා දෙයි.පසුගියදා පස් කඩා වැටීම් කණ්ඩි කඩා වැටීම් නිසා මරණ 3 - 4 ක් ද සිදුවිය. මීට ප්‍රධාන හේතුව මේ දිනවල නුවරඑළිය, බදුල්ල, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර වැනි ප්‍රදේශවල පස වර්ෂාපතනය නිසා බුරුල් වී පැවතීමයි. අනෙක් එක අවිධිමත් ඉඩම් පරිහරණය හා අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදිකිරීම බව ද බණ්ඩාර මහතා පෙන්වා දෙයි.

හපුගස්තැන්න වැවිලි කර්මාන්ත ආයතනයට අයත් දෙමෝදර වේවැල්හින්න වේල්ල පිළිසකර කිරීමට වතු කම්කරුවන් වූ මාරිමුත්තු නඩරාජ්, රාසු කනගරාජ්, අංගමුත්තු කින්නසාමි මා ඉලංගුවන් තිරුමේනි යන අය වතු අධිකාරි විසින් පස් කැපීමට යොදවා තිබිණි.

නිරිතදිග මෝසම් කාලයේ වර්ෂාව වැඩි වශයෙන්ම දිවයිනේ නිරිත දිග කොටසට සීමා වෙයි. පීඩන අවපාතයක හෝ අඩු පීඩන ප්‍රදේශයක බලපෑම යටතේ මෝසම් වැසිවල ක්ෂණික ආරම්භය සිදුවූ විට දිවයින පුරාම වාගේ වැසි වර්ධනය වුවත් මෙහිදී ද වැඩි පුරම නිරිතදිග කොටසට වර්ෂාව බලපායි. මෝසම් ආරම්භ වීමත් සමඟම මැඩගස්කා දූපත් ප්‍රදේශයේ වැඩි පීඩන ප්‍රදේශ වලින් ඇරැඹෙන සුළං ප්‍රවාහ අප දිවයින හරහා උතුරු ඉන්දීය අඩු පීඩන ප්‍රදේශ කරා හමා යයි. කිලෝ මීටර් 6 - 8 පමණ උස් මට්ටම් දක්වා හමන සුළං ඉන්දියන් සාගරයෙන් විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් රැගෙන එන හෙයින් නිරිතදිග කොටස වසා සිටින තරම් වලාකුළු වර්ධනය කිරීමට එම වාතාවරණය සමත් වී එම කොටස පුරාම පාහේ වැසි ඇති වේ. සෑහෙන තරමේ (පැයට කි. මී. 40 - 50 පමණ) වේගයෙන් යුතු සුළං ප්‍රවාහ පවතින විට, මධ්‍යම කඳුකරය දක්වා ම ජල වාෂ්ප රැගෙන යාමට සුළං සමත් වනවා මෙන්ම කඳුකර ආචරණය  නිසා කැටි වැහි වැනි විශාල වලාකුළු පවා වර්ධනය කොට වැසි හෝ ගිගුරුම් සහිත වැසි කඳුකරයටත් ලබා දේ. එවන් අවස්ථාවල ජල විදුලි බලාගාර ආශි‍්‍රත ප්‍රදේශවල විටෙන් විට තද වැසි ද බලාපොරොත්තු විය හැකි බව අභයසිංහ මහතා පවසයි.